න්‍යෂ්ටික බලශක්ති භාවිතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා  අද පෙරවරුවේ හමුවිය. 

න්‍යෂ්ටික බලශක්තිය සාමකාමී භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.