(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමෙි විධි විධාන බලාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
1996 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම සම්මත කරනු ලැබ ඇත.
එකී ගිවිසුම මගින් ලෝකයේ කිසිම තැනක ඕනෑම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් හෝ වෙනත් න්‍යෂ්ටික පිපිරීමක් තහනම් කිරීමට සාමාජික රටවල් එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාව ද විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට 1996 වසරේදී අත්සන් තබා තිබේ.

