(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ බවට සැක කෙරෙන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ උපාංග කිහිපයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බිම වළදමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ ඒකකය සහ එම අංශය අවට සිදුකළ සෝදිසියකදී මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය ඇතුලූ උපාංග කිහිපය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ අංශය සහ තාප්පය අතර කොටසෙහි පොළොවෙහි වළ දමා තිබූ එමි අංකය සඳහන් නොවන මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව බවද හෙතෙම කියයි.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ‘‘වයි’’ විශේෂ අංශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙක් රඳවා සිටින අතර, මෙම ජංගම දුරකතනය රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ එකක් බවට සැක සහිත වන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව ද ඔහු සදහන් කළේය.

