නවසීලන්තයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ.
මියගොස් ඇත්තේ 70 හැවිරිදි කාන්තාවකි.
ඇය ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ද පෙළුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නවසීලන්තයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 514ක් තහවුරු වී ඇති අතර පසුගිය දිනය තුළ පමණක් ආසාදිතයන් 63දෙනකු වාර්තා වී තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

