(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉපැරණි ස්ථානයක නිධන් ගැනිමේ අරමුණින් කැනීම් සිදුකරමින් සිටි 12 දෙනෙකු ඔවුන් පැමිණි වාහනද සමඟ අද ( 15 ) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
නවගත්තේගම පොලිසියට ( 15 ) උදෑසන ලැබුණ තොරතුරක් මත රැකවල්ලා සිටියදි මෙම නිධන් කැණීමට පැමිණි සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් මොවුන් සමග සිටි තවත් දෙදෙනෙකු වැටලිමේදි පලා ගොස් තිබු බවද කියයි.
නිදන් ගැනිමේ අරමුණින් කැනිම් කළ ස්ථානය ඉපැරණි ස්ථානයක් බවත් එහි අඩි 10 ක් පමන ගැඹුරට සැකකරුවන් කැණිම් සිදුකරමින් සිට ඇති බවද පොලිසිය පවසයි .
අත් අඩංගුවට ගත් සැකරුවන් කොළඹ , කඩුවෙල, ගල්ගමුව , කුරුණැගල , පල්ලම , රඹුක්කන , තඹුත්තේගම යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් මොවුන් කුඩා වෑන් රථයකින් සහ කැබ් රථයකින් නවගත්තේගමට පැමිණ ඇති බවද විමර්ශන වලදි හෙළිව තිබේ
මෙසේ පැමිණි සැකකරුවන් නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ නිවසක වාහන නවතා ඇති බවද කියයි.
අදාළ නිදන් කැණිම් කළ ස්ථානය නවගත්තේගම කරුවලගස්වැව මාර්ගයට මිටර් කිපයක දුරින් කැලෑ බද ස්ථානයක මෙම නිදන් හැරිම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
නිදන් හාරමින් සිටි සැකකරුවන් ප්‍රදේශවාසින් සැක නොසිතන ලෙසට මෙම කටයුත්තට පොලිසිය හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහාය ලැබෙන බවට ජනතාව රවටමින් කැණිම් වල නිරත වි තිබේ.