නවකවදයට එරෙහි වූ සිසුන් දෙදෙනකුට පහර දීලා


තරිඳු ජයවර්ධන

 
වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පහරකෑමකට ලක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර තිබේ.
 
විශ්ව විද්‍යාලය තුල නවක වධය ලබා දීමට එරෙහිව ක්‍රියා කළ නවීන් නම් සිසුවකු ඉලක්ක කරගෙන තවත් සිසුන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි දැනගන්නට තිබේ.
 
රෝහල් ගත කරනු ලැබ සිටින සිසුන් දෙදෙනා ඇතුළු සිසින් කිහිප දෙනෙකු මෝටර් රථයකින් ගමන් කරද්දී එය නවත්වන ලෙස අන කර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. ප්‍රහාරයෙන් මෝටර් රථයට ද අලාභ හානි සිදුවී තිබේ.
 
මෙම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බවත්, මේ වන විට විශ්ව විද්‍යාලයේ විභාග ආරම්භ වී ඇති හෙයින් ප්‍රකාශ ලබා ගැනීමේ ප්‍රමාධ වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.