නවකවදය දුන්නැයි කළමනාකරණ පීඨයේ 4 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුවකු වූ පසිදු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරණ පීඨයේ අවසන් වසරේ සිසුන් සිව්ද‍ෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා පැවසීය.

එම සිසුන් සිව් දෙනා අතර ටයරය තල්ලු කළ බව කියන සිසුවා ද සිටින බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.