(ඉන්දිකා රාමනායක)
ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ හත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා අව්රුදු නෑගම් සදහා කොළඹ සිට පියා සමග ගම්පොළ මිත්තනියගේ නිිවසට ගොස් සිටියදි ඊයේ (15) මෙම අනාරක්ෂිත ළිදට වැටි දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.

