නව විදුලිබල පනත ඉක්මන් වෙයි


(යොහාන් භාසුර)

නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේ  ඉදිරිපත් කරන බවත් කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත විදුලිබල පනත ලබන ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය.

නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සදහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති හමුවකදී මෙම කරුණු හෙළි විය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සමාජිකයන් ද, සංවර්ධන නියෝජිත ආයතනවල උපදේශන නියෝජිතයන් ද සහභාගි වූහ.