
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සඳහා නව බස් රථ 104 ක් ආනයනය කිරීමට අදාලව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (18) සිදුකෙරිණ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධීක්‍ෂණයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ එක්වූහ.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සදහා මෙම බස් රථ එළැඹෙන අගෝස්තු මාසයේදී ගිවිසුම් ප්‍රකාරව මෙරටට ආනයනය කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි බී. එම්. පියතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

