
(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමට අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍ර පහක් මේ වනවිට මෙරටට ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ දී අද (15) පැවැසීය.
ඉන් දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති බවත් ඉතිරි තුන අවශ්‍ය ස්ථානවල යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් හෙතෙම කීය.
කොළඹ, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කළේය.
පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා කලින් ඇණවුම් කරන ලද යන්ත්‍ර හා උපකරණ මේ වනවිට ලැබෙමන තිබෙන බව ද හෙතෙම පැවැසීය.
සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් ඇතුළු පෞද්ගලික ආරක්ෂණ උපකරණ ප්‍රමාණවත්ව රට තුළ පවතින බව ද ඔහු කීවේය.
ඉදිරියේදී කිසිදු ප්‍රමාදයකින් තොරව පැය 24ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදිය හැකි බවත් හෙතෙම කීය. එමෙන්ම ස්වයංක්‍රීයව ප්‍රතිඵල ලබාදෙන පී.සී.ආර්. යන්ත්‍ර ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඇණවුම් කරනු ලැබ ඇතැයි ඔහු කීවේය.
(ඡායාරූපය - රොයිටර්)

