නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න අයදුම්පත් බාරගැනේ


(රංජන් කස්තුරි)

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා හෙට (17) සිට අයදුම්පත් බාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එම අයදුම්පත් පෙබරවාරී මස 16 වැනි දින දක්වා බාරගන්නා බවද එම කොමිසන් සභාව කියයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම වසර කිහිපයක් තිස්සේ නතර කර තිබිණ.

මේ අතර දැනට මැතිවරණ කොමිසන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70 කි. ඉන් පක්ෂ 5 ක පමණ අර්බුද පවතින බවද පැවසේ