නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ


 (යොහාන් භාසුර)

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී ගුණසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා මීට පෙර මාස හතක පමණ කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබේ.