(අජන්ත අගලකඩ)
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (28 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
අමාත්‍යධූර හිමිවන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ජනාධිපතිවරයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සාකච්ඡා කර සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් පසුව කලින් පැවැති 47 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය මේ වන විට අහෝසි වී ඇත. හෙට දිවුරුම් දීමට අමාත්‍ය මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
Recommended Articles