නව ව්‍යවස්ථාව අතරමග නැවතීම ගැන දොසින් කොටසක් ආණ්ඩුව බාරගත යුතුයි


(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමේ කටයුතු අතරමග නැවතීම පිළිබඳ දොසින් කොටසක් ආණ්ඩුවත් බාරගත යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටු නියෝජිත, එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එය ඉදිරියට ගෙන යා නොහැකි වූයේ පක්ෂ අතර එකඟතාවක් නොමැති නිසා බවද මන්ත්‍රීවරයා කීවේය.
 
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බහුතරයක් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කාර්යක්ෂමව මැදිහත් නොවූ බවද හෙතෙම සදහන් කළේය.
 
එබැවින් එහි වරද විපක්ෂය පිට පමණක් පැටවිය නොහැකි බව මන්ත්‍රීවරයා පැවසීය.