(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය-ශ්‍රීපාද වන්දනාවේ ගමන් කරන ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් ගැටළු රැසක් ඇති බවත්, එම ගැටළු වලට කඩිනමින් අදාල අංශ සමග සාකච්ඡාකර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නල්ලතන්නිය හා මස්කෙළිය ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුලු ප්‍රදේශයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධව සොයා බැලීමට අද (20) දා පැමිණි හදිසි සංචාරකයකදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෛත්‍රී ගුණරත්න මහතා, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පවෘක්ෂ විහාරයට ගොස් විහාරාධිපති දෙහිපේ නන්ද නා හිමියන් හමුවී ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධව විහාරාධිපති හිමියන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කීය.
ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ගොස් ප්‍රධාන වෛද්‍ය ලියැදිපිටිය මහතා හමුවී රෝහලේ කාලයක් තිස්සේ පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කර එම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසීය. මස්කෙළිය, රිකාටන් ප්‍රදේශයේ පිහිටි මස්කෙළිය ප්‍රදේශිය සභාව සතු කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයද පරීක්ෂා කර ඊට අවශ්‍ය නවීන තාක්ෂණ යන්ත්‍ර ලබා ගැනීම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කළේය.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංක පෙරේරා, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෙම්බගවල්ලි, ආණ්ඩුකරවරයාගේ ලේකම් තෙන්නකෝන් බණ්ඩාර, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්.රාජවීරන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.