
(සුමිත් පොතුපිටිය)
සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ ඉසුරු උයන 1 අංක 58 නිවසේ පදිංචිව සිටි 79 හැවිරිදි මග්ගොන ගුරුන්නාන්සේලාගේ පිලිපිනා පෙරේරා සහ 65 හැව්රිදි බාලපේ වඩුගේ මේරි කැතරින් මැන්ඩිස් නමැති කාන්තාවන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති කාන්තාවන් දෙදෙනා එම නිවසේ වසර විස්සක පමණ කාලයක සිට ජීවත්ව සිට ඇති අතර, සතියකට හෝ දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක පළ කරන බවද පොලිසිය සඳහන් කරයි.
නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බැවින් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂාවේදී නිදන කාමරයක සහ මුළුතැන් ගෙයි තිබූ මළ සිරුරු දෙක හමුවූ බව ඇති බව සදහන් වේ.

