(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් රැගෙනවිත් යාපනය නයිනතිව් මුහුදු ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබූ පලිබෝධනාශක තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
ධීවරයින් විසින් මෙම පලිබෝධනාශක තොගය රැගෙනවිත් ඇති අතර විශාල ප්‍රමාණයේ පොලිතින් උරයක අසුරන ලද පලිබෝධනාශක බෝතල් 35ක් සොයාගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය.
මෙරට වගාවන් සඳහා පවතින පලිබෝධනාශක හිඟය හා අධික මිළ ගණන් හේතුවෙන් විවිද පිරිස් ඉන්දියාවේ සිට පලිබෝධනාශක ඇතුළු දෑ රැගෙන එන බවට අනාවරණයවූ බවත් සඳහන් කළේය.
නාවික හමුදාව පැවසූයේ පලිබෝධනාශක තොගය රැගෙන ආ ධීවරයින් නාවික හමුදාව දැක අතහැර දමා පලායන්නට ඇති බවත්ය.
සොයාගත් පලිබෝධනාශක තොගය ඉදිරි විමර්ශන සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට නියමිතව තිබුණි.
නාවික හමුදාව හා කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.