නටඹුන් සහිත පුරා විද්‍යා භූමියක් ඩෝසර් කරලා


(ප්‍රියානි මංගලිකා)

නිකවැරටිය,කඩිගාව පුරාණ ගල්ලෙන් විහාරයට අයත් බව කියන ⁣ ඵෛතිහාසික නටඹුන් සහිත භූමියක් කිසියම් පුද්ගලයකු  ඩෝසර් කර කැලෑව වනසා ඇතැයි එහි හිමිවරු සහ දායක සභාව පවසති.

කටාරම් කෙටූ ගලක් ,ඉපැරැණි පොකුණක් ,නිදන් ගත් ස්ථාන ඇතුලු පුරාවිද්‍යා වටිනාකමකින් යුතු දෑ රැසක් මෙම භූමියේ පවතින බවත් ඩෝසර් කිරීමේදී ඒවාට හානි වී ඇති බවද ඔවුහු සඳහන් කරති.

වීශාල ගල් පර්වත හා කටාරම් කෙටූ ලෙන් 14ක්,සෙල් ලිපි සහිත වලගම්බා රජ සමයේ හිමිවරුන් වැඩ විසූ ඵෛතිහාසික විහාරස්ථානයක් මෙන්ම කුමාරවරුන් රැසක් ඔටුනු පැලඳි ස්ථානයක් බැවින් ,මෙම පුරාවිද්‍යා භූමිය රැක දෙන ලෙස විහාරවාසී හිමිවරුන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.