නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට


කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති විය හැකි බවත් එවැනි අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය සඳහන් කරයි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)