ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි


(ප්‍රදීප් කුමාර)   

යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුරුවිල් වෙරළට මෙසේ ගොඩගසා තිබියදී හමුව තිබේ.

වෙලනෙයි තුරෙයිඌර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පමණ ධීවරයෙකු මෙසේ මසුන් ඇල්ලීමට මුහුදු ගොස් ඇති අතර ඔහු මිය ගොස් මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුව තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවතුරේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.