ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට


(රංජිත් රාජපක්ෂ)                   

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්  රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව  වලපනේ පොලිසිය කියයි.

ඊයේ (13) පස්වරුවේදී මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදිය.

මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.

බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්,  එම ස්ථානයේ මීට පෙර බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවද  ප්‍රදේශවාසීහු කියති.