ධර්මශාලාවේ වහළය බිම


(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල ගලහේන ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ ධර්මශාලාවේ වහළය  බිමට කඩා වැටී ඇතැයි විහාරාධිපති  බුලත්සිංහල නන්දසාර හිමියෝ පවසති.

තද සුළඟ සහ වැස්ස නිසා මෙම වහලය හිටිගමන් බිමට පහත් වූ බවත් වහලය බිමට පතිත වීමත් සමගම එහි තිබූ ඩෙස් පුටු සහ විදුලි පංකා ඇතුළු තවත් භාණ්ඩ රාශියක් විනාශයට පත් වී තිබෙන අතර වහලය කඩා වැටීම නිසා කිසිවකුටත් හානි හෝ තුවාල සිදුවී නොමැති බවත් වුන් වහන්සේගේ පවසයි.

පසු දින උදෑසන මේ ශාලාවේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජංගම සේවාවක් සඳහා සූදානම් කර තිබු බවත් එවැනි අවස්ථාවක මෙය සිදුවූවා නම් තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්වන බවද උන්වහන්සේ කීය.

සති පතා ඉරිදා දින මෙම ධර්ම ශාලාවේ ළමයින් දෙසීයක් පමණ ඉගෙන ගන්නා දහම් පාසලක් සහ දින පතා පෙර පාසලක් පවත්වාගෙන යන ස්ථානයක්වන අතර ගම්වාසීන්ගේ පොදු අවශ්‍යතා සඳහා මෙම ශාලාව නිතර භාවිතා කරන බැවින් පවත්නා තත්ත්වය මත දහම්පාසල සහ පෙර පාසල ඇතුළු වෙනත් පොදු කටයුතු කරගෙන යාමට නොහැකිව ස්වාමීන් වහන්සේලා සහ ගම්වාසීන් දැඩි අසීරුතාවයකට පත්වී සිටින බවද පැවසීය.