ධම්මිකගේ පුටුවට තුනක් සටනට


(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගමගේ සහ එස් අමරසිංහ යන මහත්වරුන් එම මන්ත්‍රීධූරය ලබාගැනීමේ උත්සාහයක සිටින බව දැනගන්නට ඇත.

ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට විවිධ පුද්ගලයන් හරහාඑ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද පැවසේ.