දෝව කන්දේ ගින්නක් :පාලනයට යුද හමුදාව


(සමන් පාලිත නානායක්කාර සහ සමිපත් ප්‍රියනන්දන  සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බණ්ඩාරවල දෝව ඓතිහාසික විහාරස්ථානයට ආසන්න කන්දේ අද (03) සවස   හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කිසිවෙකු විසින් තැබූ ගින්නක් මෙසේ පැතිරී යන බවද ගින්න  තවදුරටත් පැතිරීම  වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද බදුල්ල ආපදා කරුණාකරණ මධ්‍යස්ථානය පැවසීය. 

ගින්න පාලනය කිරීම සඳහා සහන සේවකයින් ගේ සහය සදහා  යුද හමුදා කඳවුරේ  නිලධාරීන් විසිදෙනෙකු කැඳවා ඇතැයිද කියයි.