දොස්තර ලාංඡනය අවභාවිතා කළ තිදෙනකු අල්ලයි


(නිමන්ති රණසිංහ)

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් මෝටර් රථ පැදවූ තිදෙනකු කොළඹ ප‍්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

මෙම සැකකරුවන් තිදෙනා වෛද්‍යවරුන් ලෙස පෙනී සිට වෛද්‍ය ලාංඡන මෝටර් රථවල ප‍්‍රදර්ශනය කරමින් නාරාහේන්පිට, කොටුව සහ කුරුදුවත්ත ප‍්‍රදේශවල ගමන් කර ඇතැයි ඔහු සදහන් කරයි.

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී එය අවභාවිතයට ගනිමින් මෙම සැකකරුවන් තිදෙනා ගමන් කර ඇති අතර, ඔවුන් තිස් නමය, හතලිස් හය සහ විසි අට හැවිරිදි වියේ පසුවූ අයවලූන් බව ද හෙතෙම සඳහන් කරයි.