දේශපාලන පළිගැනීම් වාර්තාව ගැන විවාදයට දින නියම වේ


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරත්න)

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ දෙදින විවාදයක් ලබන 22 සහ 23 වැනි දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

2015 ජනවාරි 8 වැනි දා සිට 2019 නොවැම්බර් මස 16 වැනි දා දක්වා නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයන්,සන්නද්ධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් ඉහත ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂා කරන ලදි.