(ටී .එච්. සරත්)
තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයෙන් පැහැරගත් රත්රන්වලින් කොටසක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය අද(26) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් ඊයේ(25) දේවාලයේ කපු මහතා බැඳ දමා රත්රන් සහ මුදල් පැහැරගෙන ගොස් තිබිණි.
ගම්පොල නානුඔය ප්‍රදේශයේ දී කළ වැටලීමකින් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ඩබ්ලිව්.ඒ.අසේල)



