ජනාධිපති සමාව යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට දී ඇති බලතල උල්ලංඝණය කිරීමක් යැයි ද එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කරන ලද්දේ හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ දී අධිකරණයට අපහාස කිරීමේ වරදට යැයි ද ඥානසාර හිමියන් වරදකරු කරන ලද්දේ සහ සිරදඬුවම් පමුණුවන ලද්දේ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යැයි ද එම සන්ධානය කියයි.
එම අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උන්වහන්සේ නිවැරදිකරු නම් ඒ බව විත්තිවාචනය කිරීමට අවස්ථාවක් තිබූ බව ද එම සන්ධානය සඳහන් කරයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කළ එය ප්‍රතික්ෂේප වූ බවත් එම නිවේදනයේ දැක්වේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවස්ථා ගණනාවකදී බෞද්ධ නොවන පුරවැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කළ බවත් ඒ කිසිදු අවස්ථාවකදී ඒ හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවත් සඳහන් කරන දෙමළ ජාතික සන්ධානය එය ඥානසාර හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ එක් අවස්ථාවක් යැයි ද සඳහන් කර ඇත.
වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවස්ථාවකදී රටක් ලෙස ඉදිරියට යෑමට නම් සියලු දෙනාටම සමාන ලෙස සැළකිය යුතු බව ද කියයි.
එම නිසා කුමන ආගමික හා වාර්ගික ජන කොටසකට අයත් වුවත් වෛරය වපුරන්නන්ට එරෙහිව ආණ්ඩුව පරෙස්සම් සහගත ලෙස කටයුතු කළ යුතු බවත් එම සන්ධානය කියයි.
මේ තත්ත්වය මත ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දැඩි මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සමාජයට වැරදි පණිවුඩයක් ගෙනයන බව එහි දැක්වේ.
මේ නිසා නිවැරදිව සිතන සියලු දෙනා ජනාධිපතිවරයා මෙම ක්‍රියාව කිසිදු පැකිළීමකින් තොරව හෙළා දැකිය යුතු යැයි ද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කරයි.
055

