දෙමටගොඩ නිවසින් කෝටි තුනක නිල් මැණික් තුනක්


(ඉන්දිකා රාමනායක)

මරාගෙන මැරෙන පිපිරීම් දෙකක් සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ තිබී  රුපියල් කෝටි 3 ක් වටිනා නිල් මැණික් තුනක්, රුපියල් කෝටියකට අධික වටිනා දෙස් විදෙස් මුදල්, ලක්ෂ 15 කට අධික වටිනා රන් බඩු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.