දෙමටගොඩ නිවසක පිපිරීමක්


( ඉන්දිකා රාමනායක)

දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද(15)   උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා   ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

නිවසේ  තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.  තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක