දෙපයින් නැගිටින්න බැරි නම් අයි.එම්.එෆ් උදව් නෑ


(අංජුල මහික වීරරත්න)

වැඩවර්ජන කරන්නේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය ගිවිසුම අත්සන් කිරීම කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුද  තත්වය ඉබේ පහල වුවක් නොවන බවත් එය  නිර්මාණය කළ එකක් බවත් කී රත්නප්‍රිය මහත දුර්වල ආර්ථික  තත්වය කළමනාකරණය කරගෙන ආර්ථිකය යහපත් අතට හැරවීමට උපකාර කිරීම ලාංකික ජාතියේ  යුතුකමක් බව කීය.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රත්නප්‍රිය මහතා :-

“අපිට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ. මේ අර්බුදය අපිම කළමනාකරණය කරගන්න ඕනෑ. අපි දෙපයින් නැගිටින්න සූදානම් නම් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝකයේ දියුණු රටවල්  අත දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ඒ සදහා අපේ සූදානම පෙන්වන්න ඕනෑ. අපි දෙපයින් නැගී සිටින්න සූදානම් නැතිනම් ඔවුන් අපිට උදව් කරන්නෙ නෑ යනුවෙන් ද කීය.