දුරකතන හබේ දුරදිග ගිහින් පිහියකින් ඇනලා


(බී.ජී. චතුරංග) 

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්  17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි  ඔයා මඩුව පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 13 කණුව , බණ්ඩාරගම පේමඩුව පදිංචිව සිටි  එදිරිසිංහ ආරච්චිලාගේ ජය සංඛ පද්ම කුමාර නැමැති 26 හැවිරිදි තරුණයෙකි.

සැකකරු සහ මරණකරු ඉකුත් 1දා  කුඹුරක වැඩ කරමින් සිටියදී ජංගම දුරකථනයක් සම්බන්ධයෙන්  ඇති වූ  ආරවුලක් දුරදිග යාමෙන්  දෙදෙනා පොර බදා ඇති අතර  පසුව සැකකරු සඟවා ගෙන සිටි පිහියක් රැගෙන  මරණකරුට බරපතල තුවාල  සිදු කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරු  සහ මරණකරු පොර බදින අවස්ථාවේදී එම ස්ථානයට දිව ගොස් ඇති කුඹුරේ හිමිකරු  සැකකරුට ප්ලාස්ටික් බටයකින් පහරක්  එල්ල කර ඔහු අත තිබූ පිහිය  උදුරා ගෙන මරණකරු ඇලයාපත්තුව  රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය .