දුමින්ද යළි රිමාන්ඩ්


(බී.ජානක)

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී සොයාගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 26 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් සමඟ වැඩිදුර වාර්තාවක්ද  අධිකරණය වෙත යොමු කළේය.

ටී 56 ගිනි අවිය තිබූ බවට පැවසෙන බෑගය තුළ තිබී සොයා ගත් ගුවන් ටිකට්පත් තුන සම්බන්ධයෙන් එම ගුවන් ටිකට්පත්හි නම් සඳහන්ව තිබූ අමිල එරංද දිසානායක සහා හිමන්ත ලස්සන සිල්වා යන අයගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොදන්නා බවට ප්‍රකාශ කළ බවද ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසීය.