දුම්රියෙන් වැඩට යන්න ආ දෙදරු මව දුම්රියේ ගැටී මරුට


(සුමිත් පොතුපිටිය)

පෞද්ගලික ආයතනයක සේවයට යාම සදහා දුම්රියට ගොඩවීමට පැමිණි දෙදරු මවක අද උදෑසන දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මහ වස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සීටී සමරවීර මුදලිගේ චින්තා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි දෙදරු මවක බව සදහන් වේ.

ඇය අද උදෑසන 6.03 ට නැවතුම්පොළ නොම්මර එක දුම්රිය ස්ථානයට ළගාවන මරදාන බලා ධාවනය වන දුම්රියෙන් කොළඹ දෙසට ගමන් කිරීමට පැමිණ ඇති අතර  විරුද්ධ මංතීරුවෙන් කොළඹ දෙසට ධාවනයවූ අංක 940 දරණ දුම්රිය එන්ජිමේ ගැටී එම ස්ථානයේම මියගොස් ඇතැයි දුම්රිය බළධාරියෙක් පැවසීය .

එම ස්ථානයට පවුලේ සාමාජිකයන් පැමිණ දේහය හදුනාගෙන තිබු අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති .