දුම්රියක ගින්නක්-මුහුදුබඩ මාර්ගයේ දුම්රියත් ප්‍රමාදයි


( තරංග ගුණරත්න) 

ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රියක්   අහංගම දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු කාර්මික දෝෂයට ලක්ව  ගිනි ගැනීමකටද ලක් විය.

දෝෂයට ලක්වීමෙන් පසු   ඉතාමත් මන්දගාමීව ධාවනය වූ දුම්රිය  වැලිගම දුම්රිය ස්ථානය ආසන්නව  ගිනි ගැනීමට ලක්විය.

පසුව  බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය  යොදාගනිමින් කාර්මික දෝෂයට ලක්වූ  M4 746 භාණ්ඩ හා මගි ප්‍රවාහන දුම්රිය  වැලිගම දුම්රිය ස්ථානය වෙත ඇදගෙන යාමට කටයුතඅ කළේය.
දුම්රිය කාර්මික දෝෂය ලක්වීම හේතුවෙන්   කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය, හා ගාලු කුමාරි දුම්රිය  පැයකට වැඩි  වේලාවක් වැලිගම දුම්රිය ස්ථානය සිට  ධාවනයටද  ප්‍රමාද විය.