(රෝෂන් තුෂාර)
ජාතික දුම්රිය සේවා සමිතියේ 22වන නියෝජිත සංවත්සර මහා සභා රැස්වීම හා නිල වරණය පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කළේය.
බි.එම්.ඒ.සුදත් ධම්මික මහතා ඇතුළු සාමාජයකින් දෙදෙනෙකු සමිතියේ නියෝජ්‍ය සභාපති එස්.ඒ පි.පි.වීරසිංහ මහතා,සමිතියේ ලේකම් නිහාල් ගුණරත්න විත්තිකරුවන් කරමින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නීති විරෝධී අන්දමින් නිලවරණය කැඳවා ඇති බැවින් එය වාරණයට ලක් කරන ලෙසය.
කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් ලබන දහ අටවැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළේය.
නිලවරණය අද (05)දින පෙරවරු දහයට බැස්ටියෙන් මාවතේ පිහිටි එම සමීතියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

