(නිමල කොඩිතුවක්කු)
දුම්රිය සේවකයන්ට කොවීඩ් එන්නත ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානවල සේවකයන් ලබන සතියේ සිට සියලුම සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.
දුම්රිය සේවකයන් සඳහා කොවීඩ් එන්නත ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ ද එයට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවත් ඔහු සඳහන් කළේය.
දුම්රිය ස්ථාන සේවකයන් සෘජුවම මගීන් සමඟ ගනුදෙනු කරන බැවින් දුම්රිය සේවකයන් මෙන්න මගීන්ද අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවත් හෙතෙම කියා සිටියේය.
මෙම සතිය තුළ දුම්රිය සේවකයන් සඳහා කොවීඩ් එන්නත ලබාදීමට දුම්රිය බලධාරීන් පියවර නොගතහොත් ලබන සදුදා සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බවත් කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

