දුම්රිය සේවක සුභසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කරගැනීමට නොහැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයෝ පවසති.

එම සංගමය ණය සඳහා චෙක්පත් නිකුත් කිරීමේදී මාස දෙක තුන ඉදිරි දින යෙදූ ඉදිරිදාතම චෙක්පත් නිකුත් කළ බවත් අවසන් වරට නිකුත් කළ රුපියල් 30,000 ක චෙක්පත් මුදල්ගැනීමේ හැකියාවක් නොමැති බවත් සේවකයෝ කියති.

චෙක්පත්වල දිනය පූර්ණවීමට පෙර බොහෝ සේවකයෝ වට්ටම් දී චෙක්පත්වලට මුදල් ලබාගෙන ඇති බව කියන සේවකයෝ ඒවා මිලටගත් පුද්ගලයන්ට චෙක්පත්වල දිනය සමපූර්ණ වුවද මුදල් කරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද සඳහන් කරති.

මෙම තත්වය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ අදාල සංගමයේ නිලධාරී මණ්ඩලය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් මේ වන විට අක්‍රීයව පවත්න බවත් එම සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවත්ය.