දුම්රිය සේවක වැටුප් ඉහළ නැංවීමට පියවර


(රංජන් කස්තුරි)

දුම්රිය සේවයේ පැවැති වැටුප් විෂමතා ඉවත්කර දුම්රිය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

දුම්රිය තාක්ෂණික සේවයට අයත් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරීන් සඳහා ටීඑල් යනුවෙන් අලුත් වැටුප් කේතයක් හඳුන්වාදී ඇති අතර ඔවුන්ගේ ආරම්භක වැටුප රුපියල් 36,095 ක් ලෙස පිහිටවූ බවද මුදල් අමාත්‍යංශය කියයි.

මීට අමතරව දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ වැටුප රුපියල් 34415 ක් ලෙස පිහිටවූ බව මුදල් අමාත්‍යංශය පවසයි.