දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ඉල්ලා අස්වෙයි


දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතාට ඊයේ (2) බාරදී ඇතැයි වාර්තා වේ.

රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ  බලධාරීන් බලපෑම් කිරීම සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.