
(අංජුල මහික වීරරත්න)
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වය කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස් විය.
දුම්රිය ධාවනයේ පවතින අඩුපාඩු සහ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

