(මහින්ද නිශ්ශංක සහ නිමල කොඩිතුවක්කු)
පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110ක් හෙට දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුරන්දර මහතා පවසයි.
මහනුවර සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය කරනව බවත්, බෙලිඅත්ත,,ගාල්ල, හලාවත, මහව සිට එක් දුම්රිය බැගින් පෙරවුරු කාලයේ කොළඹ කොටුව දක්වා ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව රඹුක්කන, පොල්ගහවෙළ, මීගමුව, කොච්චිකඩේ, අඹේපුස්ස, අවිස්සාවේල්ල, පාදුක්ක, වග අලුත්ගම,පානදුර, සහ මොරටුව සිට කොළඹ කොටුව බලා තවත් දුම්රිය රැසක් ධාවනය කෙරේ.
මේ ආකාරයෙන් පෙරවරු කාලයේ පිටපළාත්වල සිට දුම්රිය ගමන්වාර 55ක් කොළඹට ළඟාවන අතර සවස කොළඹ කොටුවේ සිට පිටපළාත්වලට දුම්රිය වාර 55ක් ධාවනය කෙරේ.
මේ අතර පිටපළාත්වල සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුව මගී මස් රථ ධාවනයට එක් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

