දුම්රිය රියදුරෝ වර්ජනයක


(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් විය හැකි බවත් කලින් ආසන වෙන් කල දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන්වලට බාධා ඇතිවිය හැකි බවත් දුම්රිය වෘත්තිය සමති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ. 

 


දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි (10.30)

(යොහාන් භාසුර)

රියදුරන්ගේ ඉඟියක් හේතුවෙන් අද (17) පෙරවරුවේ සිට දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

වර්තමාන දුම්රිය කාල සටහනට අනුව රියදුරන් 68ක් සේවයේ සිටිය යුතු වුවද රියදුරන් 42 ක් පමණක් අද දිනයේ සේවය කරන බවත් රියදුරන් 27 ක් ලෙඩ නිවාඩු දමා ඇති බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.