(යොහාන් භාසුර)
දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
දුම්රිය නියාමකවරුන්ගේ මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකර ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම දුම්රිය ගමන් වාර අවලංගු කිරීම මත මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

