දුම්රිය ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලයි


 (යොහාන් භාසුර)

දුම්රිය ගාස්තු ඉහළ දමන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට ගාස්තු ඉහළ නොදැමීම ද හේතුවක් යැයිද පාඩු ලබන ආයතනයක් ලෙස විවේචනයට ද ලක්වන්නේ යැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇතැයි එම නිලධාරියා කීය.

බස් ගාස්තු ඉහළ යන්න යන්න ජනතාව දුම්රියට යොමුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ද බස් ගාස්තුවට සමාන කරන ලෙස ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.