දුම්රිය අනතුරක් කළාට රුසියානුවට ලක්ෂ 18ක දඩ


(ඩී.ජි.සුගතපාල)

අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගයට ඇතුලු කොට දුම්රියේ හැපිමට සළස්වා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු කරන ලද අලාබය වෙනුවෙන් රුපියල් දහඅට ලක්ෂ තිස්පන් දහස් හත්සිය හැත්තැ අටයි සත විසි අටක  මුදලක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (15) රුසියන් ජාතික සංචාරකයකුට නියෝග කළාය.

මෙසේ දඩ මුදල් නියමවුයේ ලොස්කුටෝ ඇලෙක්සැන්ඩර්  නමැති රුසියන් ජාතිකයකුටය.

මොහු සංචාරයක සඳහා පැමිණ අහංගම ප්‍රදේශයේ නිවසක නතරව සිට 2014 ජනවාරි 23 වැනි දින තවත් අයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි අහංගම ගොවියාපාන ජයසුමනාරාම දුම්රිය හරස් මාරගයට ඇතුලු කිරිමේදි බෙලිඅත්ත සිට මහව බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ හැපි ඇති අතර එහිදි දුම්රිය එන්ජිමට සහ මෝටර් රථයට බර පතල අලාබ සිදුව ඇත.

මෙහිදි සුලු තුවාල ලැබු තුවාල ලැබු රුසියාන් ජාතිකයා සහ ඔහුගේ මිතුරා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මේ අතර මෝටර රථ වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරා ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය එන්ජිමට සහ විදුලි සංඥා පෙට්ටියට සිදුවු අලාබය වෙනුවෙන් නඩු පවරා ඇත.