(ඩී.ජී.සුගතපාල)
වාහනවල දුම් පරීක්ෂණය නවතන්නැයිද කාබන් බද්ද අයකිරීම අහෝසි කරන්නැයිද සඳහන් කරමින් මුහුදුබඩ දුම්රිය මගී සමිතියේ සභාපති ගාල්ලේ ගුණපාල විතාරණ මහතා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.
දුම් පරීක්ෂණය හා කාබන් බද්ද අයකිරීම පෞද්ගලික වාහනවලට පමණක් සීමා වී ඇති බවත් රජයේ වාහනවලින් බදු අය නොකිරීම අසාධාරණයක් බවත් එනිසා එය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ මහතා ලිපියේ සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ගුණපාල විතාරණ මහතා මෙසේ කීය.
‘මෙය පටන් ගත්තේ පාඨලී චම්පික මහතා පරිසර ඇමතිවරයා ලෙස සිටි කාලයේදීයි. නමුත් දුම් පරීක්ෂණය කරන්නේ පෞද්ගලික වාහන, යතුරු පැදි, ත්‍රිරෝද රථ, පෞද්ගලික බස්රථ ආදියෙහි පමණයි.
ලංගම බස් රථවලින් ද රජයේ වාහනවලින්ද දුම් පරීක්ෂණ වාර්තා ලබා නොගෙන නිදහස් ආදායම් බලපත්‍ර නිකුත් කරනවා. මේ අනුව ලංකාවේ මාර්ගවල ධාවනය වන වාහනවලින් එක කොටසකින් පමණක් දුම් පරීක්ෂණ බදු අය කිරීම සාධාරණ නැහැ. එන්ජින් ගලවා තිබෙන සමහර වාහනවලටද දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබෙනවා. එසේ කරන්නේ මුදල් වාසිය නිසයි.
ලංගම බස්වලින් හා රජයේ ලොරි ඇතුළු වාහනවලින් දුම්පිට වන්නේ නැතිද? එනිසා මේ දුම් පරීක්ෂණය හා කාබන් බද්ද අහෝසි කරන ලෙස ප්‍රවාහන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයිද කීය.

