(පාලිත ආරියවංශ)
මාර්ගයේ අනාරක්ෂිත බව නිසා දින දෙකක් වසා දමා තිබූ දුන්හිඳ දියඇල්ලට ප්‍රවේශ වන මාර්ගය අද (22) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යෙෂණ ආයතනයේ නිලධාරින් කළ පරීක්ෂාවකින් පසු මෙම පියවර ගෙන තිබේ.
පාසැල් නිවාඩුවත් සමග දේශීය සංචාරකයෝ විශාල වශයෙන් දුන්හිද නැරඹිමට පැමිණෙති.
මෙම ප්‍රවිෂ්ට මාර්ගය දෙපස වෙළඳකුටි වල වෙළදුන් ආහාර පාන හා විසිතුරු භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදාකර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය සභාව පවසයි.

