දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානමක්


(යොහාන් භාසුර)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙසේ නායයෑමේ අවදානමක් මතුවී ඇති බව ද එම ආයතනය පවසයි.

බස්ාහිර, සබරග්මුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ක්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.